ජනවාරි සිට පොදු තැන්වලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්යයි

(ලංකාපුවත් | කොළඹ) –ජනවාරි මස පළමුවැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා (17) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම නියමිත කොවිඩ් එන්නත ගැනීම සමස්ත පුරවැසියන්ගේ වගකීමක් බවයි.

මේ වන විට මෙරට 15,964,289ක පිරිසක් එන්නත් පළමු මාත්‍රාව ගෙන තිබෙන අතර මාත්‍රා දෙකක් ගෙන ඇති පිරිස 13,803,820කි. ගම්පහ දිස්ත්‍රික්කයේ 1,554,292කට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *