LTTEයට යළි පණ දෙන්න ගිය ලාංකිකයන් 15කට ඉන්දියාවේදී නඩු

(ලංකාපුවත් | කොළඹ) – තමිල්නාඩුවේ කොටි හිතවාදීන් සමඟ එක්ව එල්ටීටීඊ සංවිධානයට යළි පණ දීමට උත්සාහ ගැනීම සහ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහ දැරීම යන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයන් 15 දෙනකුට ඉන්දීය ජාතික ඔත්තු සේවාව මඟින් නඩු පවරා තිබේ.

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල කර තිබේ.

මේ සැකකරුවන්ගෙන් කොටසක් පසුගිය මාර්තු 25 දා අරාබි මුහුදේ ධීවර බෝට්ටුවක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 300ක හෙරොයින් සහ අවි ආයුධ තොගයක් ද සොයා ගත් බවට ඉන්දීය ඔත්තු සේවාව අධිකරණයට දැනුම් දී ඇත.

මේ ශ්‍රී ලාංකිකයන් පිරිස රවිහංසි නමැති යාත්‍රාවෙන් කුඩාවැල්ල ධීවර වරායෙන් ඉන්දියාව බලා ගොස් තිබෙන අතර, ඉන්දියාවේ කොචිහි පිහිටි විශේෂ අධිකරණයේ ගොනු කර තිබෙන චෝදනා පත්‍රයට අනුව මොවුන් විසින් කිලෝග්රෑම් 300ක පමණ හෙරොයින් තොගයක් සහ පතරොම් තොගයක් ද රැගෙන ගොස් තිබෙන බවට වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *