යල් කන්නයට පොහොර ගබඩා කිරීම අරඹයි

(ලංකාපුවත් | කොළඹ) – එළඹෙන යල් කන්නය වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර, ගබඩා කිරීම මැදවච්චිය ලක් පොහොර ප්‍රාදේශීය ගබඩාවේදී ආරම්භ කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල, වන්නි කදවුරේ අණ දෙන නිලධාරි ගෘෘප් කැප්ටන් නිෂාන්ත ප්‍රියදර්ශන මහතා ප්‍රමුඛ සෙසු නිලධරයින්ගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ටොන් 10ක ප්‍රමාණයක් මෙම ගබඩා සංකීර්ණය වෙත භාර දීම අද(02) සිදු කෙරිණි.

නයිට්‍රිජන් – 1.7 %ක්, පොස්පේට් – 2.2 %ක් සහ කොස්පොරඩ් 1.2 %ක ප්‍රථිසතයක් සහිත මෙම කාබනික පොහොර තොගය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරුන්වන ආර්.ඩබ්ලිව්.බංදුල කුමාර, අජිත් කුමාර සහ ලංකා පොහොර සමාගමේ අලෙවි විධායක උපුල් විජේකොන් යන මහත්වරුන් විසින් නිල වශයෙන් භාර ගැනීම සිදු කළේය.

මැවච්චිය ගොවි ජනතාවට යල් කන්නය වෙනුවෙන් කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 15000 ට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව එහිදී පැමිණි නිලධාරින් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *