(ලංකාපුවත් | කොළඹ) – වත්මන් රජය යටතේ ඉදි කරන ලද පළමු ආදර්ශ සෝර්ජාන් ව්‍යාපෘතිය අද (21) කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව අසළ දී ආරම්භ විය.
පරිසර අමාත්‍යාංශයේ භූමි සංරක්ෂණ ව්‍යාපෘතිය හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ගංවතුර නිසා වගා කළ නොහැකි හා ලවණතාවය ඉහළ යාම නිසා වගා කළ නොහැකි ඉඩම් මෙම සෝර්ජාන් ක්‍රමය යටතේ ඵලදායීව වගා කිරීම ඉළක්ක කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
දැනට අප රටේ වගා නොකළ පුරන් කුඹුරු බිම් විශාල ප්‍රමාණයක් තිබේ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තු සංඛ්‍යා දත්ත අනුව 2018 වර්ෂය වන විට මුළු දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර් 40,356 ක් අත්හැර දමා තිබූ අතර බස්නාහිර පලාතේ පමණක් කුඹුරු ඉඩම් හෙක්ටයාර 12000 වගාවෙන් ඉවත්වී ඇත. මේ සඳහා විවිධ භෞතික සහ සමාජීය සාධක බලපා ඇත. කුඹුරු අත්හැරීම හේතුවෙන් එම ඉඩම් වල ඇකේෂියා වල් ආතා වැනි ශාක ව්‍යාප්තවීම නිසා හානියට ලක්වෙමින් පවතී.
2021 වසරේ දෙසැම්බර් 05 දිනට යෙදී තිබුනු ලෝක පාංශු දිනය ඉළක්ක කර ගනිමින් මෙම සෝර්ජාන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර මෙවර එම දිනයේ තේමාව වුයේ ද “ලවණතාවය අඩු කිරීම තුළින් භූමි ඵලදායිතාවය ඉහල නංවමු” යන්නයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වූ අතර ප්‍රසන්න රණවීර හා ලසන්ත අලගියවන්න අමාත්‍යවරු ද මීට සහභාගි වූහ.
දැනට මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති රුපියල් ලක්ෂ 25ක මුදලට අමතරව සමස්ත කුඹුරු යාය ම වගා කිරීම සඳහා අවශ්‍ය මුදල් පරිසර අමාත්‍යාංශය විසින් ලබා දෙන බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව ආශ්රිත වසර 40 ක් පමණ වගා නොකළ තලවතුහේන්පිට උතුර කුඹුරු යායෙහි අක්කර 4ක භූමි භාගයක් යොදාගනිමින් මෙම ආදර්ශණ ස්ථානයක් ස්ථාපනය කිරිම අද ඇරඹිනි.