(ලංකාපුවත් | කොළඹ) – නව පරපුරේ ගායන ශිල්පිනි යොහානිද සිල්වාට කොළඹින් පර්චස් 9.68 ක ඉඩමක් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද මහතා රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ 1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් වෙත 99 අවුරුදු බදු පදනම මත ලබාදී ඇති ඉඩම් කොටස්වලට යාබදව පිහිටි ඉඩමක් මෙලෙස ලබාදී තිබෙන බවයි.