රෆායල් නඩාල් ට කොවිඩ්

(ලංකාපුවත් | කොළඹ) – ස්පාඤ්ඤ ටෙනිස් තරුව ලෙස විරුදාවලිය ලත් රෆායල් නඩාල්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇත.

රෆායල් නඩාල් අබුඩාබි හි පැවැති විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගී වී සිය රට වෙත පසුගිය දා පැමිණ PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු කොවිඩ් – 19 ආසාදිතයෙකු බවයි.

රෆායල් නඩාල් අබුඩාබි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයේදී බ්‍රිතානයේ ඇන්ඩි මරේ හමුවේ පරාජයට පත් විය.

ඒත් සමඟම රෆායල් නඩාල්ට සිදු වුණේ එම තරගාවලියෙන් ඉවත්වීමටය.

සඳුදා ස්පාඤ්ඤ භාෂාවෙන් ට්විටර් හි සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ “තමන්ට අප්‍රසන්න අවස්ථා කිහිපයක් ඇති බවත් තමන් කොවිඩ් ආසාදිතයෙකු බවත් ඔහුගේ සමීපතමයන් මේ පණිවුඩය හරහා දැනුවත් කර සිටින බවත්“ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *