අමෙරිකාවේ කොවිඩ් ආසාදිත 73%කට ඔමික්‍රොන්

(ලංකාපුවත් | කොළඹ) – ගත වූ සතිය තුළ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 73%ක් ඔමික්‍රොන් ආසාදිතයන් බව එරට නවතම දත්ත පෙන්වා දී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

ඩෙල්ටා ප්‍රභේදය අබිබවා ඔමික්‍රොන් ප්‍රභේදය රට තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව අමෙරිකාවේ වසංගත පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මේ දත්ත සැලකිල්ලට ගනිමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කොවිඩ් වයිරසයේ දරුණුතම ප්‍රභේදය ලෙස මෙතෙක් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය සහ නව ඔමික්‍රොන් ප්‍රභේදය රට තුළ ඉතා වේගයෙන් ව්‍යාප්තවීම සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

අමෙරිකාවේ ඔමික්‍රොන් ආසාදිත පළමු මරණය පසුගිය සඳුදා ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර, එම පුද්ගලයා මීට පෙර දෙවතාවක්ම කොවිඩ් ආසාදිතයකු බවත්, ඔහු කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයකු බවත් එම ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *