යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය යළි සීග්‍රයෙන් ඉහළට

(ලංකාපුවත් | කොළඹ) – යුරෝපයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය යළි සීග්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා කලාපයේ සෞඛ්‍ය පද්ධය එහි උපරිම මට්ටම දක්වා පැමිණෙමින් පවතී.

තත්ත්වය පාලනයට කලාපීය රටවල් ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූක් පවසයි.

මේවන විට ලොව රටවල් 106කින් ඔමික්‍රෝන් ආසාදිතයින් හදුනාගෙන ඇති බව වාර්තාවේ.

කෙසේ නමුත් නත්තල් සමය ඉලක්ක කර ගනිමින් පෘතුගාලය, ස්වීඩනය සහ ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු තවත් යුරෝපා රටවල් රැසක් වෛරස ව්‍යාප්තිය පාලන සීමා යළි බලාත්මක කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *