ලබන වසරේ සිට ‘කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක්‘

(ලංකාපුවත් | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම අරමුණු කර ‘කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් ‘(Paperless Parliament) බිහිකිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ පිළිබඳ මුළික සාකච්ඡාවක් ඊයේ(22) පරිසර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විනි.

මෙහිදී Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේන් රාඝවන් මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව පැවැත්වෙන එක් දිනක් තුළ කිලෝග්‍රෑම් 1200ක කඩදාසි පාර්ලිමේන්තුව තුළ පරිහරණය කරන බවත්, එවැනි කඩදාසි තොගයක් නිපදවීම සඳහා අඩි 40 ක ප්‍රමාණයේ ගස් 37ක් කැපීමට සිදුවන බවත් ය.එමෙන්ම හැන්සාඩ් මුද්‍රණය කිරීම සඳහා දෛනිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් පළ කළ ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සැම දිනයකම විවිධ පොත්පත්, පත්‍රිකා ආදිය , මන්ත්‍රිවරුන් නොපෙනෙන තරමට කඩදාසි ගොඩක් මේසය මත ගොඩ ගැසෙන බවයි. එම තත්ත්වය නිසා විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් ද දිනපතා සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය. එබැවින් කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් Paperless Parliament සඳහා වූ වැඩ පිළීවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ අනුව කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් සඳහා වන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් කතානායකතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරන බව ත්මෙම වැඩ පිළිවෙළ සඳහා කථානායකතුමන් මෙන්ම සියලුම මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ලබා ගත යුතු බවත්අමරවීර මහතා පැවැසීය.මෙම කටයුතු 2022 වසරේ ජනවාරි මාසයේ සිටම ආරම්භ කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *