කොළඹ කොටුව සහ බදුල්ල අතර අද රාත්‍රී සිට සීඝ්‍රගාමී දුම්රියක්

(ලංකාපුවත් | කොළඹ) – කොළඹ කොටුව සහ බදුල්ල අතර ශීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාව අද(23) ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ කොටුව සහ බදුල්ල අතර පළමු රාත්‍රී දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ අද රාත්‍රී රාත්‍රී 8.30 ට ය. හෙට(24) පස්වරු 5.50 බදුල්ල සිට කොළඹ බලා දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

මෙම දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනූවය.

එස්.14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්‍රී දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *