කාබනික වගාව ගැන ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත වැඩපිළිවෙළක්

(ලංකාපුවත් | කොළඹ) – කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ,දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යාම නිසා සාර්ථක නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට මෙම බලකාය පියවර ගෙන තිබේ.

දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය, තත්ත්ව පාලන හා සැපයුම් ජාල කළමනාකරණ අනු කමිටුව ඊයේ(23) කෘෂිකර්ම අමාත්‍යංශයේ දී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම අවස්ථාවට පරිසර ඇමැති හා දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති මහින්ද අමරවීර හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු මෙන්ම එම අනු කමිටුවේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. එම අනුකම්ටුවේ සභාපතිත්වය රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් උසුලයි.

කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යාම සම්බන්ධව හා ඉදිරි වගා කටයුතු වල දී කාබනික වගාවට ගොවි ජනතාව යොමු කරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *