(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) රාත්‍රී සිට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබේ.
නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5% කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සීඝ්‍ර ඉහළයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව දිනපතා රාත්‍රී 11 සිට පසුදින අලුයම 05 දක්වා මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
එසේම නවදිල්ලි නුවර ආශ්රිත ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.