කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනියි

(ලංකාපුවත් | කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගැනීම සිදු කළේය.

බණ්ඩාරනායක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයක්, ප්‍රාදේශීය ලේකම්වරයක්, දිසාපතිවරයක් මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරයක් ලෙස රාජ්‍ය පරිපාලනයේ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකි.

නව ලේකම්වරයා රාජකාරි භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු අතිරේක ලේකම්වරු හා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, අමාත්‍යතුමාගේ උපදේශිකා රංජනී ජයකොඩි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *