(ලංකාපුවත් | කොළඹ) – කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව බුදුන් වහන්සේගේ ජීවිතය සහ බුදු දහම හා සම්බන්ධ විවිධ ස්ථාන යනාදිය පිළිබඳව ප්‍රශ්න විචාරාත්මක තරඟයක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත.
මෙම තරඟය වයස අවුරුදු 14 – 22 වයස් කාණ්ඩයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් දිවයින පුරා පිහිටි පිරිවෙන් 800කදී පමණ දියත් කරන ලදී.
වට තුනකින් සමන්විත මෙම තරඟයේ පළමු වටය 2021 දෙසැම්බර් 22 වන දින පිරිවෙන් මට්ටමින් ද දෙවන තරඟය 2021 දෙසැම්බර් 27 වන දින පළාත් මට්ටමින් ද පැවති අතර තෙවන වටය 2021 දෙසැම්බර් 29 වන දින ජාතික මට්ටමින් පැවැත්වීමට නියමිතය.
තෙවන වටයෙන් ජයග්‍රහණය කරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වෙත මාර්ගෝපදේශකයකු සහිත දින 5ක සංචාරයක් හිමි වේ. දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද පළමු සහ දෙවන වට සඳහා විශාල උනන්දුවකින් තරඟකරුවන් රැසක් සහභාගී වූහ.
බුදුන් වහන්සේගේ වටිනා ධර්මය ලෝකයේ වෙනත් රටවල් වෙත පැතිර ගිය දේශය ඉන්දියාව වීම ඉන්දියාව ලද ආශිර්වාදය කි. වර්තමානයේ දී බොදු උරුමය ඉන්දියාව සහ රටවල් රැසක් අතර වැදගත් ශිෂ්ටාචාරමය බැඳීමක් නිර්මාණය කර ඇත. වසර දෙදහසකට පෙර ඉන්දියාවෙන් බුදු දහම තිළිණ වූ පළමු රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවට මේ අතරින් හිමි වන්නේ ඉතා වැදගත් සහ සුවිශේෂී ස්ථානයකි. මෙම ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය අප දෙරටට පොදු බෞද්ධ සංස්කෘතික උරුමය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ දෙරට ජනතාව අතර බැඳීම් වඩා ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
දෙරට අතර බොදු සබඳතා වඩාත් ගැඹුරු කිරීම සඳහා ඉන්දීය රජය පියවර රැසක් ගෙන තිබේ. මේ අනුව බොදු බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ ප්‍රදානයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්රදානය යොදා ගත හැකි ආකාර පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරමින් පවතී. තව ද 2021 ඔක්තෝබර් මාසයේ පින්බර වප් පුන් පොහෝ දින කුෂිනගර් ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන්යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වූ අතර 2021 ඔක්තෝබර් මාසයේ දී වස්කකඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරිණ.