(ලංකාපුවත් | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදු වුවත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
රටේ උද්ගතව ඇති විදෙස් සංචිත අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේදී සිදුව ඇති දුෂ්කරතා නිසා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 3 වනදා සිට වසා දැමීමට නියමිතය. අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30 වනදාට පෙර පිරිපහදුව යළි ආරම්භ කිරීමට ඛනිජ තෙල් සංස්ථා කළමනාකාරීත්වය සූදානමින් සිටියි.
ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ආරම්භ වන්නේ ජනවාරි 26 වනදා සිට බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. සපුගස්කන්ද පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90 කට පෙර අදාළ සමාගමට එය දැනුම් දිය යුතුයි. එමෙන්ම හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය හිගය නිසා ව්‍යර්ථ වූ බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෙසේවුවද සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයනුයේ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 14 ක් මෙන්ම ඩීසල් අවශ්‍යතාවයෙන් සියයට 29 ක් පමණයි. මේ හේතුවෙන් තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමෙන් රට තුළ තෙල් හිගයක් ඇති වන්නේ නැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.