ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක්වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසටය.

 

මේ අතර ඊයේ(30) තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබුණි.

පසුගිය 29 වන දිනට අදාල එම මරණ තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,962 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු හදුනාගෙන තිබුණි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 86,746 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *