(ලංකාපුවත් | කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 15 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මෙය කිලෝමීටර් 40 කට අධික දුරකින් යුක්තවේ. පරිසර සහ සමාජිය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් මාර්ගය ඉදිකර තිබීම විශේෂත්වයකි. මංතීරු 4 කින් සමන්විත මෙය මෙරට ඉදිකර ඇති අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසට සැළකේ.
මිරිගම,නාකලගමුව,දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මුදල් ගෙවීමේ කවුළු සහිතව හුවමාරු මධ්‍යස්ථාන 5 ක් ඉදිකර තිබේ.
ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 137 ක් වැය කෙරුණි. දේශීය අරමුදල් යොදා ගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මාර්ගයෙන් මෙහි ඉදිකිරීම් සිදු කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.