ශ්‍රී ලංකා කථානායකට චීන කථානායකවරයාගෙන් නව වසරට සුබපැතුම්

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (05) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම සදහා මෙම වසරේද කැපවන බව චීන තානාපතිවරයා මෙහිදී පැවසීය. සුබපැතුම් පිරිනැමීම පිළිබදව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාට සහ තානාපතිවරයාට ගරු කථානායකවරයා සිය ස්තුතිය පළ කළේය.

චීනය නිරතුරුව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන සහය පිළිබදවද කථානායකවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළේය.

පාර්ලිමේන්තුවේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *