(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් මර්දන බූස්ටර් හෙවත් වර්ධක එන්නත නොගත් පුද්ගලයන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකි ඉක්මනින් ළඟම ඇති ස්ථානයෙන් එම එන්නත් මාත්‍රාව ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මෙරට ජනගහනයෙන් ලක්ෂ 41ක් මේ වන විට බූස්ටර් එන්නත ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 27 ක් බවත් අවම ලෙස මෙරට ජනගහනයෙන් මිලියන 10ක්වත් බූස්ටර් එන්නත ලබා ගත යුතු බවත් ඒ මහතා කීවේය.
මෙරට ජනගහනයට දීමට අවශ්‍ය තරම් ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රා රජය සතු වන බවත්, එන්නත් අවම ලෙස මෙරටට ගෙනා කාලයේ ෆයිසර් එන්නත ගැනීමට ජනතාව උනන්දු වූ තරම්, අවශ්‍ය පමණටත් වඩා ෆයිසර් එන්නත් මාත්‍රා තිබියදී එය නොගැනීමට ජනතාව කටයුතු කිරීම කනගාටුදායක බවත් ඒ මහතා පැවසුවේය.