කොරියානු රැකියාලාභී මේ වසරේ පළමු කණ්ඩායම පිටව යයි

(ලංකාපුවත් | කොළඹ) – කොරියාවේ ධීවර හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන ප්‍රථම කණ්ඩායම ඊයේ රාත්‍රි (04) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමට ශ්‍රමිකයින් 89 දෙනෙකු අයත් වන අතර, දකුණු කොරියාවේ සේවය කර ශ්‍රි ලංකාවට පැමිණ නැවත කොරියාවේ රැකියා සඳහා ඉන් 48 දෙනකුද, අනෙකුත් 41 දෙනා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට රැකියා සඳහා පිටත්වන අයද වේ.

කොරියානු රැකියා ලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාද එක්ව සිටියහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *