ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට ‘බූස්ටරය’ ගන්න ගැටලුවක් නැහැ

(ලංකාපුවත් | කොළඹ) –ගර්භිණී සහ කිරි දෙන මව්වරුන්ට වුවද කොවිඩ් මර්දන බූස්ටර් හෙවත් වර්ධක එන්නත කිසිදු ගැටලුවකින් තොරව ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පැවසුවේය. සමාජය තුළ ව්‍යාප්ත කර ඇති මිථ්‍යා මත නිසා ඇතැම් පිරිස් මේ එන්නත් මාත්‍රාව ගැනීමට බියක් දක්වන නමුත් එවැනි මිථ්‍යා මතයන්ට නොරැවටීමට ජනතාව වගබලා ගත යුතු බවත් ඒ මහතා කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (11) පැවසීය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන මාස තුනක් ගත වූ අවුරුදු 20ට වැඩි කාන්තාවන්ට බූස්ටර් එන්නත ගත හැකි බවත් එන්නත ගැනීමෙන් පසුව ඇතැම් පුද්ගලයන්ට උණ, හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් පැරසිටමෝල් පමණක් භාවිත කර වේදනාව සමනය කරගත හැකි බවත් ඒ මහතා කීය.

එන්නත්කරණය මඟින් කොවිඩ් මර්දනයට කටයුතු කරන්නා සේම කොවිඩ් මර්දන සෞඛ්‍ය පුරුදු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් යැයි ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *