නොරොච්චෝලේ අක්‍රීයව පැවති විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

(ලංකාපුවත් | කොළඹ) – මෙතෙක් අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබු නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි ඊයේ(30) සිට ක්‍රියාත්මක කිරිමත් සමඟ අද(31) සිට එය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට හැකියාව ලැබී ඇත.

නොරොච්චොලේ බලාගාරයේ මෙගාවොට් 300ක් ලබා දෙන ජනන යන්ත්‍රයක් අක්‍රීය වූයේ පසුගිය දෙසැම්බර් 03 වනදා ය.

විදුලි කප්පාදුවක් සිදුකිරිම සම්බන්ධයෙන් අද (31)අ යළි සමාලෝචනයක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකරන බවය.

දෛනික විදුලි උත්පාදන කටයුතු සැළකිල්ලට ගනිමින් පසුගිය 27 වන දින සිට අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *