නයිජීරියානු ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී නාවික හමුදාපති හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – නයිජීරියානු ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ මහතා (Commodore Anthony Victor Kujoh) ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි නයිජීරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ නයිජීරියානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලැබේ. මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ නයිජීරියානු ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

එසේම මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *