රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය : ඇමති අරුන්දිකගේ පුතා රාගම පොලිසියට බාරවෙයි

(ලංකාපුවත් | කොළඹ) – රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඊයේ (02) රාත්‍රියේ රාගම පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රාගම පොලිසියට බාර වී ඇති ඔහු වලව්වත්ත, දංකොටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පහරදීම සඳහා ඔවුන් පැමිණි BMW වර්ගයේ මෝටර් රථය ද කළුබෝවිල ප්‍රදේශයේදී රාගම පොලිසිය භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව මෙම පහරදීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *