(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පොදු ස්ථානවලට ඇතුළු වීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අප්‍රේල් මස 30 වැනිදා සිට මේ ගැසට් නිවේදනය බලාත්මක වන බවත් පූර්ණ එන්නත්කරණය සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබා තිබීම අනිවාර්ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
කිසියම් පුද්ගලයකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කිරීමට බල පැවැත්වෙන සාධක, එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබදව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.