IOC සමාගම ඉන්ධන මිල ඉහල දමයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 07කින් ඉහළ දමා ඇත.

මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වේ.

එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල රු 124ක් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *