ලොව වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ගන්න බිය විය යුතු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ලෝකයේ වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ බවත් එම එන්නත ලබාගැනීමට අනියත බියක් සකස් කර ගත යුතු නැති බවත් ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

සංචරණ සීමා පැනවිම හෝ එදිනෙදා කටයුතුවලට බාධා වන ආකාරයට පියවර ගැනීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

සංචර4ණ සීමා පැනවිම හෝ එදිනෙදා කටයුතුවලට බාධාවන ආකාරයට පියවර ගැනීමට අපගේ බලාපොරොත්තුවක් නෑ.පැහැදිළි ලෙස අප කියන්නේ රට වසා දැමිමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේ නෑ, එහෙම අවස්ථාවක් පැනනැගි නෑ, මෙයින් ආරක්ෂාවිමට තියෙන්නේ බූස්ටර් එන්නත ලබා ගැනීම සහා මුව ආවරණ ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි.එයට අනුගතවනවා නම් මේ අභියෝගයෙන් ජයගන්නට හැකි බවද හෙතම පැවසිය.

වර්තමාන තත්ත්වය පිළිබදව අනුරාධපුරයේදි පෙරේදා (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *