උසස් පෙළ විභාගය අද ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – 2021 දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,438කදී අද (07) ආරම්භ වේ.

එළඹෙන මාර්තු මාසයේ 05 දා තෙක් පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 345,242කි. එයින් 279,141ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 66,101ක් වෙති.

මෙම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති අතර කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග මේ දක්වා කල්දැමීමට සිදුවූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *