(කොළඹ, ලංකාපුවත්) – අදට(13) යෙදී ඇති දිවංගත ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ගේ 154 වැනි ජන්ම දිනය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ගිවිසුමකට එළැඹීමට නියමිතය.
ජාතික වීරයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ගේ ජන්ම දින සැමරුම් උළෙල හෙට(14) මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.
ඊට සමගාමීව අදාළ ගිවිසුමට එළැඹීම සිදු කෙරේ.
ඒ අනුව ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන් කොළඹ තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කිරීමට සමගාමීව තරුණ පුරාවිද්‍ය සංගමයක් නිර්මාණය කිරීමට නියමිතය. එසේම සිංහල ශබ්ද කෝෂයේ ආරම්භක සභාපතිවරයා වන්නේද ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ය. ඊට සමගාමීව නව පුරාවිද්‍යා ශබ්ද කෝෂයක් සකස් කිරීමද සිදු වේ. එමෙන්ම ජයතිලක ශ්‍රීමතානන්ගේ ජීවිතය අලලා සහ දැනට මහා භාරකාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති ඒ මහතා ජීවත්ව සිටි නිවසේ ඓතිහාසිකත්වය අලලා සුවිශේෂී මතක ග්‍රන්ථයක් එළිදැක්වීමට ද සැලසුම් සකස් කර ඇත.
මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හෙට සැමරුම සිදු කෙරේ.
කථානායක මහින්දයාපා අබේවර්ධන, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය විදුර වික්‍රමනායක, මහා භාරකාර තැන ගනේෂ් ආර්. ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ශ්‍රීමත් ඩී. බී. ජයතිලයන්ගේ ඥාතීන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවේ.