ක්ෂණික ඉන්ධන මිල වැඩිකිරීමකට ඛණිජතෙල් සංස්ථාව මුදල් ඇමතිගෙන් අවසර ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිළ ඉහළ දැමීම සදහා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහල ගොස් තිබේ.

මෙම තත්ත්වය මත දේශිය ඉන්ධන මිලද ඉහළ දැමිය යුතු බවයි ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පෙන්වා දෙයි. එසේ නොවුණහොත් ඉන්ධන භාවිත කරන සුලු පිරිස නිසා අහිංසක දුප්පත් ජනතාවට එම බර දැරිමට සිදු වන බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පෙන්වා දෙයි.

මේ වනවිට සංස්ථාව ඩීසල් ලිටරයකින් රුපියල් 50ක සහ පෙට්‍රල් ලීටරයකින් 17ක අලාභයක් ලබන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *