ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුභාවිත ගීත රචකයෙකු, කවියෙකු, මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභවප්‍රාප්තවේ. මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.

ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත – චන්ද්‍රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත.

ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *