සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට(16) උදෑසන 08 සිට දින 14 කට අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පසුගිය දින කිහිපය පුරාම සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයට යොමුව තිබුනි.

ඊයේ(14) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ ද සෞඛ්‍ය වෘත්තීය සමිති සාකච්ඡා පැවැත් වූ අතර එහිදී සාධනීය පිළිතුරක් ලැබුණ බව වෘත්තීය සමිති නියෝජිතයින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *