(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන උත්සව සමයත් සමඟ සංචරණ කටයුතු වැඩිවීමේදී වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් මාත්‍රාව ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.
ඉලක්ක කණ්ඩායම ලෙස වයස අවුරුදු 20ට වැඩි පිරිස ගත් විට පළමු මාත්‍රාව 100 සියයකින් ද, දෙවැනි මාත්‍රාව සියයට 95කින් ද, වර්ධක මාත්‍රාව සියයට 44කින් ද ගෙන ඇති අතර වර්ධක එන්නත් මාත්‍රාව ලබා ගත යුතු කණ්ඩායම හැකි ඉක්මණින් එය ලබා නොගතහොත් නැවත වයිරසය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද ඒ මහතා කීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (21) පැවසීය.
කොවිඩ් වයිරසයෙන් අති බහුතරයක් ජනතාව ආරක්ෂිතව සිටිනුයේ මාත්‍රා දෙකක් හෝ ලබාගෙන තිබෙන තත්ත්වය තුළ බවත් අගෝස්තු, සැප්තැම්බර් මාසවල බහුතරයක් ජනතාව දෙවැනි මාත්‍රාව ගත් අතර දෙවැනි මාත්‍රාව ගෙන මාස තුනක් තුළ ක්‍රමානුකූලව ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වන බවත් ඒ මහතා කීය.
නියමිත කාලයේ වර්ධක එන්නත් මාත්‍රාව ලබා නොගතහොත් කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සිදු විය හැකි බව ද හෙතෙම පැවසීය.
පළමු මාත්‍රාව ගෙන දෙවැනි මාත්‍රාව නොගත් ලක්ෂ 9ක පමණ ජනතාවක් සිටින්නේ යැයි ද, ඔවුන් හැකි ඉක්මනින් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගත වීමෙන් පසුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත යුතු යැයි ද ඔහු ප්‍රකාශ කළේය.