‘එක්ස්ප්‍රස් පර්ල්’ අබලි ද්‍රව්‍ය 78%ක් සාගරයෙන් ඉවත් කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට මුහුදු තීරයේදී මුහුදු බත්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අබලි ද්‍රව්‍ය සියයට 78ක් මේ වනවිට සාගරයෙන් ඉවත් කර අවසන් බව එහි සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවැසීය.

මේ වනවිට එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (19) නෞකාවේ නිරීක්ෂණයකට එක්වෙමිනි.

මේ නිරීක්ෂණ කටයුතුවලට මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව යකඩ රැහැන් 06ක් පමණ නෞකාවට යටින් අනෙක් නෞකාවට රැගෙන ගොස් අවසන් අතර එලෙස ඉවත් කරන නෞකාව විශේෂිත නෞකාවක් මගින් ලොව ප්‍රකට නෞකා කැබලි කරන භූමියකට රැගෙන යෑමට නියමිතය.

නෞකාවේ දකුණු පසින් හා වම් පසින් දොඹකර යන්ත්‍ර සහිත යාත්‍රා දෙකක් මේ වනවිට ස්ථාන ගතකර ඇති අතර එමගින් විශාල යකඩ රැහැන් 63ක් මුුහුදු බත් වු මේ නෞකාව හරහා නැව් දෙකට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන අතර එමගින් මුහුදු පතුලෙන් සිර වී ඇති නෞකා ඉහළට එසවීමට හැකි වන පරිදි එම කටයුතු සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *