ඉන්ධන හිඟය දවස් දෙකකින් විසඳෙයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින ඉන්ධන හිඟය දින දෙකක් ඇතුළත මඟ හැරෙනු ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ඊයේ (23) පැවසුවාය‍.

අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවීමෙන් නිදහස් කර ගත් ඩීසල් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ගොඩබෑම ඊයේ පස්වරුවේ ආරම්භ කළ බව ද ඇය අවධාරණය කළාය.

සිංගප්පූරු නෞකාවකින් මෙරටට රැගෙන ආ එම ඩීසල් තොගය නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පෙරේදා (22) රාත්‍රියේ අදාළ මුදල ගෙවා තිබිණි.

ඉදිරි දින කිහිපය තුළ තවත් ඉන්ධන නෞකාවක් ද පැමිණීමට නියමිත බවත් ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට ඇති බවත් ඔල්ගා මහත්මිය වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *