ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්තවේ.

ප්‍රවීණ ගත් කතුවර ලේඛක මීමන ප්‍රේමතිලකයන්ගේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු මියයන විට 77 වන වියේ පසුවිය.

පුවත්පත් කලාවේදියෙක් මෙන්ම ගත් කතුවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර ඊට පරිවර්තන කෘති කිහිපයක් ද ඇතුළත්ය.

මෙරට මාධ්‍ය කලාව නව මාවතකට රැගෙන ගිය ‍ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් කලක් රෝගාතුරව පසු වුනි.

වමේ ධාරාවේ රැඩිකල් මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලාංකේය සලකුණ ලෙස සැලකෙන සුනිල් මාධවයන් විසින් රචනා කළ සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දශකයේ මෙරට පුවත්පත් මාධ්‍ය කලාවේ නව මානයක් ඇති කළ තීරු ලිපියක් ලෙස හැදින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *