රුසියාව, කියෙව් ප්‍රධාන රූපවාහිනී කුළුණට පහර දෙයි

(කොළඹ, ලංකාපුවත්) –යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන රූපවාහිනී කුළුණට රුසියානු හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් 5 දෙනෙක් මියගිය බව වාර්තාවේ.

යුක්‍රේන – රුසියා යුද්ධයේ 6 වැනි දිනය අදයි. දෙරටේ නියෝජිතයන් අතර සාම සාකච්ජා පැවතිය ද තවමත් ගැටුම් අවසන් වී නොමැත. යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාර්කිව්හි මධ්‍යම චතුරශ්‍රයට ද රුසියානු හමුදාව පහර දී තිබේ. එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි පවසන්නේ, මධ්‍යම චතුරශ්‍රයට පහර දීමේ දී රුසියාව යුද අපරාධ සිදුකළ බවයි.

නිදහසේ චතුරශ්‍රයට අමතරව නගරයේ තවත් ඔපෙරා රඟහලක්,ප්‍රසංග ශාලාවක් හා රජයේ කාර්යාල කිහිපයකට ද ප්‍රහාර එල්ල වී ඇත. ඉන් අවම වශයෙන් දස දෙනෙකු මියගොස් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කියෙව් අගනුවර යුදමය වාතාවරණයක් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහා සිය නිවෙස්වලින් පිටවන ලෙස රුසියානු පාලනය දැනුම් දෙයි. ඒ තම හමුදා අගනුවර මුළුමණින්ම අත්පත් කර ගැනීමට ක්‍රියාත්මක සටන් තවදුරටත් දැඩි කිරීමට සැලසුම් කර තිබීම නිසාය.

රූපවාහිනී කුළුණ මුළුමනින්ම විනාශ වී නොමැති බව ද විදෙස් වාර්තාවල සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *