ඉන්දීය විදේශ ඇමති හා මුදල් ඇමති අතර දුරකථන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඵලදායි සහ සුහද දුරකථන සාකච්ඡාවක අද(08) නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඉන්දියාව තවදුරටත් හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට විදේශ අමාත්‍යවරයා එහිදී සහතික විය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ වූ බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *