(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය අදයි(08). ‘රටකි දැයකි ලොවකි ඇය‘ යන තේමාවෙන් මෙවරත් කාන්තා දින සැමරුම් පැවැත්වේ.
1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවති පාගමනින් පසු පළමු වරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි. අනතුරුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිගැනීමට ලක් කළේය.
මෙවර කාන්තා දින අන්තර්ජාතික තේමාව වන ‘තිරසර හෙටක් සඳහා අද දිනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව’ (GENDER EQUALITY TODAY FOR A SUSTAINABLE TOMORROW) යන්න අර්ථවත් වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවේ.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් අද සිට මාසයක් පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
කාන්තා දින ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. මීට සමගාමීව කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි පොළ විවෘත කිරීමට ද නියමිතය. එළඹෙන 10 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා අනුරාධපුර, නුවරඑළිය, කළුතර, පුත්තලම, ගම්පහ, මන්නාරම කෑගල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලදී විවිධ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.