ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන එක්ව ඉතිහාසයේ පළමු වතාවට සකස් කළ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එමගින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව පිබිදීමක් උදාවන බව කොළඹ අද(09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේය.

ජාතික ආර්ථිකයට කෘෂි ආහාර පද්ධතියේ දායකත්වය වැඩි කිරීම අරමුණු කරගනිමින් මේ හරහා වැඩපිළියෙල රැසක් දියත් කෙරේ. යැපුම් ආර්ථික ආනයනයකින් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යෑම මෙම ප්‍රතිපත්තිය ඔස්සේ බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මදකට මිදී නවීන තාක්‍ෂණය, අපනයන වෙළෙඳපල සහ ගොවියාගේ ආර්ථිකය ශන්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට ඇතුලත් කර ඇත. එසේම රටේ වගා කළ හැකි සියලු දේ මේ රට තුළ වගා කිරීම අරමුණු කර ගනිමින් සිදු කෙරෙන වැඩපිළිවෙලද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

මේ ඔස්සේ ජාතික කෘෂිකර්ම සංග්‍රාමයක් ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවත් කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඒ හරහා ඇති කරන බවටද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කර සිටියේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *