(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පස්වරු 2.30 වන විට රජයේ ආයතනවල වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු බවත් එහි සඳහන්වේ.
එසේම නිල රථ හිමි අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහා මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවේ. රැස්වීම් හා සාකච්ඡා සඳහා දුර ප්‍රදේශවල සිටින නිලධාරීන් කොළඹ ප්‍රධාන කාර්යාල වෙත කැඳවීම හැකිතාක් අවම කෙරේ. සූම් වැනි තාක්ෂණික ක්‍රම යොදාගනිමින් මෙම සාකච්ඡා පවත්වන ලෙසට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම විදුලි භාවිතය අවම කිරීම සඳහා ද රාජ්‍ය අයාතනවලට යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබේ.