බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

එසේම බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද ඉහළ දැමෙනු ඇත.

ඒ අනුව පාන් රාත්තලක නව මිල රුපියල් 110ත් 130ත් අතර අගයක් වන බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසා ඇත.

එසේම බත් පැකට්‍ටුවක මිල රුපියල් 20කින් ද කොත්තුවල මිල රුපියල් 10කින් ද හෙටි ආහාරයක මිල රුපියල් 5කින් ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *