පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් ජාතික පද්ධතියට

(කොළඹ, ලංකාපුවත්) – රටේ ජනතාවට අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීම වෙනුවෙන් අවම වශයෙන් මෙගාවොට් 1000ක ධාරිතාවයක්වත් මේ වසර ඇතුළත පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික පද්ධතියට ලබාගැනිමට කඩිනම් පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රත්නපුර සෞඛ්‍ය සංවර්ධනයේ නොමැකෙන සිහිවටනයක් සනිටුහන් කරමින් රු. මිලියන 1075ක මූල්‍ය ප්‍රතිපාදන මත රත්නපුර ශික්ෂණ රෝහලේ ඉදිවන හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කටයුතු අද (11) දින පෙරවරුවේ ආරම්භ කරමින් විදුලිබල අමාත්‍යවරිය මෙම අදහස් ඉදිරිපත් කළාය.

මහල් 06 කින් සමන්විත මෙම ඒකකය, ගිලන් ඇදන් 148, ශල්‍යාගාර 04 ක්, ඇදන් 16 කින් යුත් දැඩි සත්කාර ඒකක 02 ක් සහ නවීන පහසුකම් සහිත රසායනාගාරයකින්ද සමන්විත වේ. මෙහි ඉදිකිරීම් කටයුතු වසර 02 ක් තුළ නිමකිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

“මෙගාවොට් 900ක ධාරිතාවයකින් යුත් සාම්පූර් බලාගාරය හදන්න ඉන්දියානු රජයත් සමගින් සාමූහිකව සියලුම කටයුතු ඉටු කරලා ටෙන්ඩර් පත්‍රිකාවත් සැකසුවා. නමුත් එය ක්‍රියාත්මක කළේ නැහැ. අද වර්ෂාපතනය හොදටම ලැබෙන වෙලාවට හැර, රටේ අවශ්‍යතාවය සපුරාලන්න විදුලිය නිෂ්පාදනය වෙන්නේ නැහැ. මෙය විශාල ගැටළුවක්. මෙම ගැටළුව විසදන්න, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා, පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට. අද මේ අමාත්‍යාංශය බාරදීලා තිබෙන්නේ විදුලිබල අර්බුධයක් සමගින්. මෙම අර්බුධයත් ජයගන්න ඇපකැවී කටයුතු කරනවා “යැයි පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *