රුසියානු හමුදා කියෙව් අගනුවර ආසන්නයට

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු හමුදා ඒකක මේවන විට යුකේ‍්‍රනයේ කියෙව් අගනුවරට සමීප වී ඇති බවත් අගනුවරට කිලෝමීටර 5 ක් පමණ ආසන්න වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියෙව් නගරයේ ජනගහනයෙන් අඩක් මේවන විට පලා ගොස් ඇතැයි ද සදහන් වේ.

එසේම පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත්ව ඇති බැවින් රුසියානු හමුදා මරියුපෝල් වෙත බෝම්බ හෙලීම අලුත් කර කියෙව් වෙත සමීපවෙමින් පවති.

රුසියානු බෝම්බ ප්‍රහාර හමුවේ යුක්‍රේන නගරවල ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් සිරවී සිටීම නිසා යුක්‍රේනයේ සහ රුසියාවේ විදේශ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රගතියක් ගෙන ඒමට අසමත් විය.

රුසියානු බෝම්බ ප්‍රහාරයක් යැයි යුක්‍රේනය ප්‍රකාශ කළ නගරයේ ළමා හා මාතෘ රෝහලක් විනාශ වී තිදෙනෙකු මිය යෑමේ සිද්ධියෙන් දිනකට පසු ඊයේ රුසියාව දකුණු මාරියුපෝල් වරායට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. කෙසේ නමුත් රුසියාව සිවිල් ඉලක්ක වෙත වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරන අතර යුක්‍රේනය චෝදනා කරනුයේ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාරය එල්ල කරන බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *