20ට වැඩි අයෙකුට පළමු සහ දෙවන එන්නත් ලෙස ෆයිසර් එන්නත

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු විස්සට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා මර්දන පළමු සහ දෙවන එන්නත් ලෙසද ෆයිසර් එන්නත ලබාගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබේ.

මේ අතර ඊයේ(13) කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු වාර්තාවීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 656,041 ක්ප දක්වා ඉහළ ගොස් ඇත. එසේම ඊයේ දිනයේ මරණ 07 ක් වාර්තාවීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 16,397 ක් දක්වා ඉහළ ගියේය.

හයලක්ෂ දහඅටදහස් අටසිය හැටහය දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *