නවසීලන්තයේ දේශසීමා නැවත විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එන්නත් කරන ලද සංචාරකයින් සඳහා නවසීලන්තයේ ජාත්‍යන්තර දේශසීමා ලබන මාසයේ සිට විවෘත කෙරේ.

කොවිඩ් වසංගතයෙන් වසා දමා වසර දෙකකට පසු, අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් පවසන්නේ ‘අපි ලෝකය නැවත පිළිගැනීමට සූදානම්’ බවයි.

අගමැතිනිය අද මේ බව නිවේදනය කළාය.

වයිරසයට එරෙහි එන්නත් ලබාගත ඕස්ට්‍රේලියානු වැසියන්ට අප්‍රේල් 13 වනදා සිට ද අනෙකුත් රටවල සංචාරකයින්ට මැයි දෙවනදා සිටද නවසීලන්තයට ඇතුළුවීමට අවසර හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *