ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාත තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගිණිකොන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක් කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් ද කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *