බස්නාහිර පළාතේ වාර විභාගය කලින් යොදාගත් දිනවලදීම

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතේ 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය කලින් යොදාගත් දිනවලදීම පවත්වන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සඳහන් කරයි.

කඩදාසි හිඟය හේතුවෙන් විභාගය නියමිත දිනට පැවැත්වය නොහැකි බව මීට පෙර ප්‍රකාශකර තිබුණි.

කෙසේ වෙතත් නියමිත දිනයේදීම වාර විභාග පැවැත්වෙන අතර ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව 6,7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු ද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *