අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය ද එම සංචාරයට එක්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එම නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හෙට (23) විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරීත්ව සංවාදයේ 04වන සැසිවාරයට ද එම පිරිස සහභාගී වන අතර කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර අමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (21)පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *