ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ (21) දිනැති අංක 2272/09 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පහත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත.

විදුලි බල සැපයුම
රෝහල්වල
සාත්තු නිවාසවල
බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්
වැඩ හෝ ශ්‍රමය

මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය මස 22 වනදා ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *